Sunday, May 26, 2013

සමුගැනීමක්...


මම ආදරෙයි
මේ අවන්හලට
මේ අඬ අඳුරට
කෝපි කෝප්පයක් තොල ගානකොට දැනෙන
ඒ අමුතු හැඟීමට..
ලයාන්විත සංගීතය යටින්
ඇස් පියාගෙන
අර ලස්සන අතීතයේ
සිහිනෙන් ඇවිදින්න
ඒ හැඟීමත් එක්ක
පුළුවන් හැමදාම...

ඒත්
අද අන්තිම දවස
මෙතැන තනිවෙන්න එන
ආයේ මත්වෙන්න බෑ
සැර කෝපි සුවඳ විඳ විඳ
තහනම්ලු
මට මේ අවන්හල
පිටුවල් කරනවලු
මුන්
මාව
මේ විස්ම නගරයෙන්
සදහටම

ඉතින්
අන්තිම වතාවටත්
මම
අද
අර සුපුරුදු මුල්ලේ වාඩිවෙලා
වෙනදා  ජාතියේම
කෝපි කෝප්පයක්  අරගෙන
තොලගාන්න ගත්ත

බෑ
උගුරක්වත් බී ගන්න බෑ
පට්ට තිත්තයි
ඒ මදිවට
මේ සිසිරය දරාගන්න බැරිව
පැලිලා ගියපු මගේ තොල්
මේකේ ගින්දරට පුපුරු ගහනවා
මාව පිච්චෙනවා
මාව පිච්චෙනවා
එත් තාම මම
කෝපිවලට ආදරේ කරනවා
ඒ ආදරේ ළඟ
මාව පිච්චෙනවා

This is not a true story...LOL

Image











Sunday, May 12, 2013

ඉර පායන දවස…


තටුවක් කැඩුණු කුරුලු පැටියෙක් උගේ හොඳම යාළුවට මෙහෙම කිව්වා



මට බලන්ඩ ඕනේ
අර කුරුල්ලො එක්ක
උඹලත්…
නිදහසේ
ලස්සන වසන්තයක ඉර රැස් යට
සතුටින් කල් ගෙවන හැටි
මහ පොළොවෙ
පුංචිම පුංචි වැලි කැටයක් වෙලා හරි ඉඳගෙන

*****

මට තව ඉගිලෙන්න පණක් නෑ
අර ඉස්සරහ පේන කන්ද ළඟට යන්නත් කලියෙන්
මාව සමබර නොවී වැටෙයි..මට දැනෙනව
නැත්තම් අර ගස් අතුවල මාව හැප්පෙයි
කමක් නෑ

ඒත්,
උඹල අතාරින්න එපා
ඔය වසන්තය සොයා යන ගමන
ඉක්මනටම ඉර උඹල ළඟට එනවා
බයවෙන්න එපා
මට දැනෙනවා
කුරුලු පැටව් ඔක්කොම දිනන බව දැනෙනවා

ඉතිං
මං වගේ එකෙක් වෙනුවෙන්
ඔය ගමන නවත්වන්න එපා
ආපහු හැරිලා බලන්නවත් එපා
පලයල්ලා..මෙතැන නොඉඳ පලයල්ලා
ඉක්මනට

ගිහින් කියන්න වසන්තෙට
ඔහු මෙතැනට එද්දි
ලස්සනම ලස්සන
මල් පැලයක් තියේවි කියලා
මට වඩා ගොඩක් ලස්සන...



Subscribe by email